Monday, August 24, 2015

Google සමාගම හඳුන්වාදෙන නවතම WiFi Router එක

ඔබත් Google search එකේ “best router” යන පදය ටයිප් කරපු එක්කෙනෙක් ද ? ඒවගේ ටයිප් කරන්නේ ඔබ විතරක් නෙමෙයි. එහෙම කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒක හින්දම Google සමාගම අලුතෙන්ම හඳුන්වාදෙන නිර්මාණය තමයි OnHub (ඔන් හබ්). 



මේ රවුටරය අමුතුම ආකාරයේ හැඩයකින් නිර්මාණය කරලා තියනවා. මෙහි තවත් විශේෂත්වයක් වෙන්නේ මෙහි ක්‍රියාකාරිත්වය App එකක් මගින් Android සහ iOS භාවිතා කරන්නන්ට දැනගැනීමට හැකි වීමයි. එක් එක් උපාංගය කුමන වේගයකින් සම්බන්ධතාවය පවත්වා ගන්නේ දැයි කියා මෙමගින් පිරික්සා බැලිය හැක.

Google සමාගම පවසන ආකාරයට මෙයට සිලින්ඩරාකාර නිමාවක් ලබා දී ඇත්තේ මෙම රවුටරයෙන් නිකුත් කෙරෙන Wi-Fi තරංග නිවෙසේ සෑම කලාපයකම ආවරණය වන පරිදි බෙදාහැරිම පහසුකරවිමටයි. මෙහි ඇති අලංකාර නිමාව නිසා නිවසේ අලංකරණයට බාධාවක් නොවන ලෙස ඕනෑම තැනක මේ උපකරණය තියන්නත් පුළුවන්. Google සමාගම මේ උපකරණයට අනවශ්‍ය රැහැන් සම්බන්ධ කිරීම සහ අනවශ්‍ය සංඥා එලි එක්කිරීමෙන් වැලකි තිබෙනවා. ඒ වෙනුවට අවශ්‍ය සියල්ල සැලසුම් සහගතව අභ්‍යන්තර කොට ලෙස එක කරතිබෙනවා. ඒ වගේම සංඥා එලි ඉතාමත් උචිත ආකාරයට යොදගෙන තිබෙනවා. මේ උපාංගය නිර්මාණය කර තිබෙන්නේ සුප්‍රසිද්ධ TP Link සමාගම සමඟ ඒකාබද්ධ වීමෙන්. මෙම උපාංගය තුල ඇන්ටෙනා 13ක් ඇති අතර 802.11ac සහ 5GHz Wi-Fi වලට සහය දක්වනවා. මෙයට Bluetooth ඔස්සේ සම්බන්ධ වීමටත් හැකියාව පවතිනවා.

මේ උපාංගය ඇමෙරිකාවේ සහ කැනඩාවේ $199.99කට පූර්ව අලෙවිය සඳහා හඳුන්වා දී තිබෙනවා. මෙය අගෝස්තු 31වැනි දා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.
වෙනස වටහා ගන්න එන්න අපි ලගට.......

- බාල, ව්‍යාජ දුරකතන හා උපාංග වලට අහුවෙන්න එපා.....
- ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන උපාංග ලබාගැනීමට පැමිනෙන්න....
-කෑගල්ල නගරයේ අඩුම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි....
- මිලදි ගන්නා සියලුම ස්මාර්ට් දුරකතන සදහා ඔබට අවශය APPS ලබා දිම.....
- වගකීමි කාලය තුලදි Software update නොමිලේ ලබා දිම.....

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකට ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථනක් හො උපාංගයක් විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ගෙන්වා ගැනීමට අමතන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,(ටෙලිකොම් අසල)

✆ +94767774277 ✆ +94750770677 ✆ +94352230677
Call Skype - feedsltechnology / Viber - +94750770677

* Gmail- feedsltechnology@gmail.com




* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment