Sunday, May 17, 2015

GOOGLE CONNECTION

නිකමටවත් හිතිලා තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සිම් එකක් නැතිවත් කතාකරන්න පුළුවන් වෙයි කියලා.
සමහර අයට හිතුනත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කාලාන්තරයක් යාවි කියලා හිතන්න ඇති.
ඒත් ඔබ දන්නවාද ඒ දවස මේ වෙනකොට ලං වෙලා කියලා. හේතුව තමා අපි කව්රුත් දන්න Google
Google ආයතනය මේ දිනවල 'Nova' කියන නමින් Wireless Cellular Network එකක් එලිදැක්වීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒවගේම මේ වැඩේ පටන් ගන්න Sprint හා T-Mobile යන දුරකථන ජාල සබඳතා සපයන ආයතන මිලදි ගැනීමට Google ආයතනය සැරසෙන බවත් වාර්තා වෙනවා.
කොහොම උනත් Google ආයතනය ආරම්භ කිරීමට නියමිත 'Nova' දුරකථන ජාල සම්බන්ධතාවය Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශවල පමණක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම මෙහි විශේෂත්වය වෙන්නේ Nova සබඳතාවයට සිම්පතක් අවශ්‍ය නොවීමයි.
'Nova' සබඳතාවය එලිදක්වන දිනය හරියටම දැනුම් නොදුන්නත් ලගදීම ශ්‍රී ලංකාවටත් Nova Wireless Cellular Network එක ඒවි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්.

Feed SL Technology​
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075- 077 0 677 / 076- 777 4 277
Fax - 035 22 30 677

* Gmail                            - feedsltechnology@gmail.com
* Like us FB                      - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page         - feedsltechnology.blogsport.com 
* Google+                        - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter  us            - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map     - Feed SL Technology

Get Free #First and #Fast Mobile news alert for Ur mobile. type follow feedsltechnolgy and send 40404

No comments:

Post a Comment