Saturday, September 12, 2015

ඇපල් සමාගම iPhone 6s සහ 6s plus හඳුන්වාදෙයි.....



ලොව පුරා බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Apple iPhone 6s දුරකථනය ඊයේ දිනයේ දී San Francisco හි පැවති මාධ්‍ය සමුළුවක දී එළිදක්වනු ලැබුණා. මේ දුරකථනය මතුපිටින් බැලූ බැල්මටම iPhone 6 දුරකතනයට බොහෝ සෙයින් සමාන වුනත් මෙහි අභ්‍යන්තරයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කර තිබෙනවා.
6s දුරකතනයේ අඟල් 4.7ක HD retina තිරයක්, නවතම 64bit A9 ප්‍රොසෙසරය, 4K දර්ශන පටිගත කළහැකි මෙගාපික්සල් 12ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා. තවද මෙහි අධිවේගී LTE පහසුකම් ද අන්තර්ගත වෙනවා. iPhone 6 දුරකථනය වෙළඳපොළට පැමිණි silver, space gray සහ gold වර්ණ වලට අමතරව මේ නව දුරකථන දෙක සඳහා rose gold වර්ණයත් හඳුන්වා දී තිබෙනවා.

මේ සියලු වෙනස්කම් ගැන උනන්දුවෙන් සිටි බොහෝ දෙනෙක් ගේ අවධානය දිනාගැනීමට සමත් වූ තවත් විශාල වෙනස්කමක් තිබුණා. ඒ තමයි මේ දුරකතනයට අලුතින්ම හඳුන්වා දුන් 3D Touch තාක්ෂණය. දුරකතනයේ තිරය මත ඇති කරන පීඩනය එහි ඇති සියුම් සංවේදක මගින් නිරීක්ෂණය කර එක් එක් තෙරපුම් බල වලට අනුව එක් එක් කාර්යන් කිරීමේ හැකියාව මෙමගින් ඔබට ලැබෙනවා. මේ නව තාක්ෂණය ක්‍රියාත්මක වන විට ඔබේ අතට සිහින් කම්පනයක් (vibration) ඔබට දැනෙනු ඇත. මේ නව තාක්ෂනය දුරකතනයක දැකගත හැකි පළමු අවස්තාව ලෙසත් මතක් කරන්නට කැමතියි.

මේ නව තාක්ෂනය බොහෝ කාර්යන් කරගැනීම සඳහා භාවිතා කරගැනීමට හැකි වන බව සමාගම පවසනවා. ඒ අතර මෙහි ඇති නවතම A9 චිපය පෙරට වඩා 70% ක වේගයකින් ක්‍රියාකරන අතරම GPU එක එහෙම නැතිනම් ග්‍රැෆික් චිපය 90% කින් පමණ වේගවත් බව සමාගම සිය වාර්තා වලින් පෙන්වා සිටිනවා.

ඒ වගේම Apple සමාගම හඳුන්වා දුන් Touch ID ඇඟිලි සංවේදකය පෙරට වඩා දෙගුණයක වේගයකින් ක්‍රියාකරන බවත් දැනගන්නට ලැබෙනවා. මේ නව දුරකථනය සැප්තැම්බර් 25වනදා සිට වෙළඳපොළට නිකුත් වීමට නියමිත අතර එහි මිල ගණන් පහත පරිදි වන බව දැනගන්නට ලැබෙනවා.
16GB iPhone 6S රුපියල් 90,000කට ආසන්න ගණනක්($649)
64GB iPhone 6S රුපියල් 105,000කට ආසන්න ගණනක්($749)
128GB iPhone 6S රුපියල් 118,000කට ආසන්න ගණනක්($849)



Feed SL Technology,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)

✆ +94767774277 / ✆ +94750770677 / ✆ +94352230677
Call Skype - feedsltechnology
Viber / Whatsapp  - +94750770677
* Gmail- feedsltechnology@gmail.com
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

උපුටාගැනීම

No comments:

Post a Comment