Sunday, December 13, 2015

Android N ගැන පුංචි ඉඟියක්

Google සමාගම ඒගොල්ලොන්ගේ මුල්ම ටැබ් එක වෙළඳපොළට නිකුත් කළා. මේ ගැන අපි කලින් ලිපියකින් ඔයගොල්ලොන්ව දැනුවත් කරන්න ඇති. මේ තමයි Pixel C කියන ටැබ් එක.


Android M , කියන්නේ දැනට වෙළඳපොලේ තියන අලුත්ම Android දුරකථන වල පාලන පද්ධතිය. Marshmallow පාලන පද්ධතියේ තියන එක ගැටළුවක් තමයි එහි ගොඩක් වෙලාවට කාර්යන් දෙකක් එකවිට කරගැනීමේ අපහසුතාවය. මේකෙන් අදහස් කරන්නේ තිරය කොටස් දෙකකට බෙදාගෙන එකම වෙලාවේ කාර්යන් දෙක තුනක් ඉටුකරගැනීමේ වගේ වැඩක්. මේ පහසුකම සමහර දුරකථන සමාගම් සිය සමාගමෙන් නිකුත් කරන Android දුරකථන වල අන්තර්ගත කර තිබුනත් බොහෝ Android දුරකතන වල මේ පහසුකම දැකගන්න ලැබෙන්නේ නෑ.
මේ ගැන අදහස් දක්වමින් Google සහ Android හි මෘදුකාංග වල අතුරු මුහුණත් බාර අධ්‍යක්ෂක Glen Murphy මහතා ( director of Android and Chrome UX ) පවසා සිටියේ ඔවුන් මේ සම්බන්ධව කටයුතු කරගෙන යන බවයි.
Android N යනු කුමක් ද ? මේ ගැන සියලු තොරතුරු එක රැයකින් ඔබට දැනගන්නට නම් ලැබෙන්නේ නැත. මේ Android සමාගම මීළඟ ට එළිදැක්වීමට සැරසෙන පාලන පද්ධතියයි. මේ පාලන පද්ධතිය ගැන තොරතුරු අපිට කාලයත් සමඟ දැනගන්නට ලැබේවි.
Apple සමාගමත් ඔවුන්ගේ iOS 9 පාලන පද්ධතිය සමඟ iPad වල තිරය කොටස් දෙකකට බෙදා කාර්යන් කිහිපයක් එක වර කර ගැනීමේ පහසුකම සිය පාරිභෝගිකයන්ට සලස්වා දුන්නා. ඒ වගේම Samsung සමාගමත් මෙවැනිම දෙයක් සිය පාරිභෝගිකයන්ට සලස්වා දුන්නා. නමුත් මේ පහසුකම සඳහා දායකත්වය දක්වන App වල නම් අඩුවක් තියනවා. මේ තත්වය ඉදිරියේදී මගහැරී යයි කියලා අපිට සිතන්න පුළුවන්.
Android N එළිදක්වන්න නියමිත ලබන වසරේ අග භාගයේ. අතුරු මුහුණත් වල පෙනුමේ වෙනසකට වඩා එහි කාර්යක්ෂමතාවයේ සහ ඵලදායිතාවයේ වැඩිදියුණු කරගැනීම් දකින්න ලැබෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම කාර්යන් දෙකක් එකවර පහසුවෙන් එකම තිරයක කරගන්නත් ඉඩ ලැබෙයි කියලා සහතික වෙන්න පුළුවන්.

උපුටාගැනීම  / පරිවර්තන අයිතිය

FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment