Saturday, May 7, 2016

ළඟදීම ලංකාවට එන අලුත්ම ජංගම දුරකථන මාදිලි....

Meizu ජංගම දුරකථන මාදිලිය ගැන අපි පහුගිය සතියේ කතා කලා. ඉතින් ඒ ලිපියෙන් පස්සේ ගොඩක් අය අපෙන් මේ අලුත් ජංගම දුරකථන මාදිලිය ගැන වැඩි විස්තර අහලා තිබුනා.
ඒ වගේම ලංකාවේදී මේ Meizu ජංගම දුරකථනය මිලදී ගන්න තියෙන් තැන් ගැනත් අහලා තිබුනා. ඉතින් ඔන්න අපට දැනගන්න ලැබුනා නුදුරේදීම මේ Meizu ජංගම දුරකථන මාදිලිය ලංකාවට නිකුත් වෙන බව. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.
Meizu සමාගමේ ජනප්‍රිය ජංගම දුරකථන මාදිලි කිහිපයක් තිබෙනවා. ඒ අතරින් Meizu Pro 6, Meizu MX5, Meizu M3 Note, Meizu M2 බෙහෙවින්ම ජනප්‍රියයි. මීට මාසයකට පමණ පෙර නිකුත් වුණු Meizu Pro 6, ලොව ප්‍රථම 10 core ප්‍රොෙසසරය සහිත ජංගම දුරකථනය ලෙසත් හැඳින්වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Meizu ජංගම දුරකථන මාදිලි කිහිපයක විශේෂ පහසුකම් ගැනයි.

Meizu Pro 6


iPhone 6S හි පෙනුමට බෙහෙවින් සමාන පෙනුමකින් නිර්මාණය කර ඇති Meizu Pro 6 බෙහෙවින් සැහැල්ලු, නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස්, නමුත් මිලෙන් සාපේක්ෂව අඩු ස්මාර්ට් ජංගම දුරකථනයක්. නවතම Helio X25 ප්‍රොෙසසරයකින් බල ගැන්වෙන මෙහි රැම් මතකය 4GB පමණ වනවා. 10 Core – 3 Cluster තාක්ෂණය නිසා පහසුවෙන්ම ඕනෑම අවස්ථාවකදී ඒ අවස්ථාව අනුව performance හැඩගස්වා ගන්නට Meizu Pro 6 හට හැකියාව තිබෙනවා. 3D ස්පර්ශ සංවේදී තිරයක් සහිත නිසා ස්පර්ශ කරන පීඩනය අනුව ඊට අදාල කාර්්‍යයන් ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබී තිබෙනවා.
7.5 mm තරම් සිහින් බඳක් සහිත වුවත් මෙහි කැමරාව විශිෂ්ඨයි. සම්පූර්ණ කැමරා ක්‍රියාකාරීත්වය වෙනස් කරමින් නව තාක්ෂණයෙන් බලගැන්වෙන සුපිරි කැමරාවක් නිපදවීමට Meizu සමත් වෙලා. ලේසර් කදම්භයක් මඟින් නාභීගත කිරීම සිදුවන නිසා වඩා වේගවත්ම පැහැදිලි ඡායාරූප ගැනීමට හැකියාව හිමිව තිබෙනවා.ඒ වගේම iPhone ජංගම දුරකථනයේ මෙන්ම Meizu Pro 6 හීත් වඩා නිවැරදි ඇඟිලි සළකුණු ස්කෑනරයක් ප්‍රධාන බටනය හා සම්බන්ධ කර ඇත.
නවතම තාක්ෂණයෙන් නිපදවා ඇති නව බැටරි පද්ධතිය පෙර සංස්කරණ වලට වඩා 140% උසස්. මිනිත්තු 10ක් වැනි සුළු කාලයකදී 26% දක්වා බැටරි තත්වයක් දක්වාත්, පැයක කාලයකදී 100% බැටරි තත්වයක් දක්වා එළඹිය හැකි නිසා නිතර නිතර ජංගම දුරකථන භාවිත කරන අයට වඩාත් සුදුසුයි. mCharge 3.0 හරහා නිවැරදිව අවශ්‍ය කාර්්‍යය සඳහා බලය ලබාදීමට ජංගම දුරකථනයට හැකියාව තිබෙනවා.

Meizu MX5


iPhone 6 හා සමානම සම්පූර්ණ ලෝහ බඳක් සහිත උසස් පෙනුමැති ජංගම දුරකථනයක් ලෙස MX5 ජංගම දුරකථනය හඳුන්වන්නට පුළුවන්. MediaTek Helio 10 Octa Core ප්‍රොෙසසරයකින් බලගැන්වෙන මෙහි රුම් මතකය 3GB පමණ වනවා. පෙනුමින් බොහෝසෙයින් iPhone 6 ජංගම දුරකථනයට සමාන ලෙස නිමවා ඇති MX5 ජංගම දුරකථනය පහසුකම් අතින්ද බොහෝ සමානකම් ඇත.
සිම්පත් 2ක් සඳහා එකවර සහාය දක්වන මෙහි එම සම්බන්ධතා 2කම 4G සඳහා ද සහය දක්වයි. MX4 හි LCD තිරය වෙනුවට නව MX5 හි AMOLED තිරයක් ඇතී අතර එය සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන තිරයක්.
MX5 ගැන කතාකරන විට 21 මෙගාපික්සල් කැමරාව ගැන කතා නොකරම බැහැ. ලේසර් කදම්භයක් මඟින් නාභිගත කරන මේ කැමරාවේ ක්‍රියාකාරීත්වය සඳහා කාච 6ක් යොදාගෙන තිබෙනවා.  ඒ වගේම MX5 ජංගම දුරකථනයත් mTouch 2.0 තාක්ෂණයෙන් යුක්ත ජංගම දුරකථනයක්. එනම් ඔබේ ඇඟිල් සලකුණ යොදාගනිමින් ජංගම දුරකථනය unlock කිරීමට හැකියාව ඇත.

Meizu M3 Note
M3 Note කියන්නේ Meizu සමාගමෙන් ළඟදී එළිදැක්වූ තවත් ලෝහ බඳ සහිත උසස් පෙනුමැති ජංගම දුරකථනයක්. M2 Note ජංගම දුරකථනයේ අලුත් සංස්කරණය ලෙස වෙළඳපලට පැමිණි මේ ජංගම දුරකථනයේ විශේෂතා කිහිපයක්ම තිබුණත් M2 Note ජංගම දුරකථනය හා සසඳන කළ පෙනුම, ක්‍රියාකිරීත්ව හා තත්වය අතින් මේ ජංගම දුරකථන ද්විත්වය බොහෝසෙයින් සමානයි.
4100mAh බැටරියකින් බලගැන්වෙන M3 Note ජංගම දුරකථනයෙහි ප්‍රොෙසසෙරය MediaTeK Helio P10 ප්‍රොෙසසෙරයක්. 13 මෙගාපික්සල් කැමරාව M2 Note දුරකථනයට වඩා බොහෝසෙයින් වැඩිදියුණු කරන්නට Meizu සමාගම සමත්ව තිබෙනවා. ඒ වගේම සාපේක්ෂව ගත්කල ඉදිරිපස 5 මෙගාපික්සල් කැමරාවත් selfie ගැනීම සඳහාම නිපදවා තිබෙනවා.
M2 Note හි නොතිබූ Fingerprint ස්කෑනරය M3 Note ට ඇතුලත් කර තිබෙනවා. කෙසේ නමුත් අඟල් 5.5 1080 x 1920 තිරයේ නම් ඒ තරම් වෙනසක් සිදුකර නැහැ.

Meizu M2


අඩු මිල ජංගම දුරකථනයක් ලෙස අතිශය ප්‍රසිද්ධියට පත් M2 ජංගම දුරකථනය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ තරුණ පරපුරේ අයට අත්‍යවශම පහසුකම් එකට එක්කර අඩු මිලකට වෙළඳපට නිකුත් කිරීමටයි. ප්‍රමාණයෙන් තරමක් කුඩා නිසා තිරය අඟල් 5ක 720×1280 තිරයක් වුවත් හොඳ තත්වයේ තිරයක්. 3D Touch හෝ Fingerprint පහසුකම් නොමැති වුවත් කැමරාව අතින් හෝ බැටරි ආයුකාලය අතින් අනෙකුත් Meizu Flagship ජංගම දුරකථන හා කරට කර තරඟ කරන්නට M2 දුරකථනය සමත්.
බරින් අඩු වර්ණවත් බඳින් යුත් මේ ජංගම දුරකථනයේ පෙනුම ආසන්න වශයෙන් iPhone 5C ජංගම දුරකථනයේ පෙනුමට සමානයි. 16GB ධාරීතාවයත්, 2GB රැම් මතකයත් නිසා චිත්‍රපට බැලීම, ගීත වාදනය වැනි කටයුතු බොහෝම සුමටව සිදුකර හැකි අතර බාහිර මතක ධාරිතා චිපයක් හරහා ධාරිතාවය 128GB දක්වා ඉහළ නැංවිය හැක.
මේ අප අද කතා කලේ Meizu ජංගම දුරකථන අතරින් ජනප්‍රියතම ජංගම දුරකථන කිහිපයක් ගැනයි. Meizu ලඟදීම ලංකාවට එන නිසාවෙන් නුදුරේදීම ඔයාලටත් මේ ජංගම දුරකතන මිලදී ගන්නට හැකිවේවි.


උපුටාගැනීම  / පරිවර්තන අයිතිය

FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment