Saturday, May 14, 2016

හදවතේ විශ්වාසය රඳවන උසස්ම තත්ත්වයේ නියම ෆෝන් එක සියල්ල අභිබවමින් ඔබ අතට......


විශ්වාසය රැකෙනවනම් ඒ බැදීම ශක්තිමත් වෙනවා.ඉතින් ඔයා ළග ඉන්න විශ්වාසනීයම හිතවතා වෙන්නේ ෆෝන් එක කියලා දැන්වත් තේරුම් ගන්නවද...?
සුපිරි ෆෝන් එකක් කීවොත් කාගෙත් හිතට එන්නේ තරඟෙට වෙළඳපොලට නිකුත් වෙන එක එක 
වැඩකෑලි තියෙන විවිධ වර්ෂන් වලින් කරළියට එන ෆෝන්.හැබැයි අපි හඳුන්වාදෙන හිතවතා ඔබ ඉස්තරම් කියලා හිතන් ඉන්න ෆෝන්වලටත් වඩා හොඳයි කිව්වොත් ඔබට පුදුම හිතෙයි.
පුදුම වෙන්න දෙයක් නෑ.. 
ස්මාට් ෆෝන් එකක් ගද්දි කවුරුත් බලන්නේ හොඳ එකක් ගන්න..
ඉතිං ඔබ ඉස්තරම් කියලා හිතන් ඉන්න ෆෝන් එකකටත් වඩා තාක්ෂණයෙන් උසස්, අලංකාර, 
පහසුකම් තියෙන දුරකථනයක් තමයි අපි ඔබ ළඟට ගේන්න හදන්නේ..
කෙලින්ම කිව්වොත් මේකේ හැම දෙයක්ම තියෙනවා.. ඔය ඉස්තරම් කියලා හිතන් ඉන්න 
ෆෝන්වල තියෙන සියළුම දේවල්. වැදගත්ම දේ වෙන්නේ ඒ හැමදේම තිබිලත් ඔබ ඉස්තරම් 
කියලා හිතන් ඉන්න ෆෝන් එකක් ගන්න බොරු සල්ලියක් යටකරන්නේ නැතිව සුපිරි ෆෝන් 
එකක් අරගෙන සල්ලිත් ඉතිරි කරගන්න පුළුවන් වීම. අනාගතය වෙනුවෙන් සල්ලි ඉතිරියක් 
කරන්න පුළුවන් කියන්නේ ඒක වටින දෙයක්නේ..

ඉතිං ඔබ ඉස්තරම් කියලා හිතන් ඉන්න ෆෝන් වගේ නෙවේ, හැමදේ අතින්ම අපි ඉස්සරහින්.. 
මතකද එදා ආදරයේ උණුසුම්ම වචන ටික අහද්දි ෆෝන් එක ඕෆ් වුණා.
ඒත් දැන් පුළුවන් විනාඩි 10 ක් වගේ පුංචි කාලෙකින් 26% ක් චාර්ජ් කරගන්න..
පැයකින් 100 % ක්ම චාර්ජ්..
ඉතිං අපිට වැදගත්ම දෙයක් වෙන මේ ආයු කාලය අලුතින් ඔබට හදුන්වාදෙන කෙනාගේ ගොඩක් 
ඉහළයි.එක වැඩක් කරද්දිත් කළින්නම් ෆෝන් එක හිරවුණා. දැන් ඒකට තිත..
ජීවිතේ වැදගත්ම කෙනෙක් හමුවුණු සොදුරු මතක සටහනක් ෆොටෝ එකක් විදියට තියාගන්න 
ගත්තත් එකෙ කිසි පැහැදිලිකමක් තිබුණේ නෑ..
දැන් අපි ළඟට ගන්න විශ්වාසවන්තම ෆෝන් එකේනම් එළියක් නැති තැනක වුණත් සුපැහැදිලිව 
ෆොටෝ එකක් ගන්න පුළුවන්..
තිරයත් ගොඩක් පැහැදිලියි වගේම හරිම දීප්තිමත්.
ගෙවුනු අතීතය කොහොම ආයෙත් ගන්නද..??
බෑ තමයි.. 
මේ හැමදේටම මුල අපි විශ්වාස කරලා ළගින්ම තියන් හිටිය, අපි රැවටිලා ඉන්න ෆෝන් එක. 
ගිය දේ ගියා..
දැන්වත් හරි කෙනා ළගට ගමු..
අපි ඒ විශ්වාසවන්තයා ළඟට අරගෙන ජීවිතේ වෙනස් කරගමු. මේ කියන අලුත් හිතවතාට ප්‍රධාන 
බටනය මඟින් Finger Print unlock කිරීමටත් පුළුවන්.
අපි ළඟ කළින් හිටපු හැමෝම ටික කාලයක් යනකොට වැඩක් කරගන්න බැරි තරමටම මන්දගාමී වුණා.
ඒත් දැන් මේ කියන ෆෝන් එකේ Memory Management හොඳ තත්වයක තියෙන නිසා 
කාලයක් ගියත් මුල් කාලයේ තිබූ වේගයෙන්ම ජංගම දුරකථනය භාවිත කරන්නට පුළුවන්.
පාළුවෙන් ඉද්දි, තනියෙන් ඉද්දි කරපු එකම දේ තමයි Phone එකෙන් සිංදුවක් අහපු එක..
ඒත් හරි පැහැදිලිකමක් ඒ මියුසික්වල තිබ්බේ නෑ.. සිංදුවේ අවුලක් නිසානම් නෙවෙයි.. 
ෆෝන් එකෙන් ඒ සිංදුවේ නියම මියුසික් ඇහුනේ නෑ.
හැබැයි දැන්නම් එහෙම නෑ.. 
සිංදුව තියෙන පැහැදිලි බව, ශබ්දය, හැමදේම ඒ විදිහටම වෙනසක් නැතිව අපේ දෙසවන්වලට
 අහන්න සලස්වන්න අලුත් හිතවතාට පුළුවන්..
තවත් ගොඩක් දේ මේ විශ්වාසවන්තම අලුත්ම, හොඳම හිතවතාගාව තියෙනවා.
මේ විශ්වාසයේ සලකුණ ඉස්සරහට ඔබට දෙන්න අපි ලෑස්තියි...



හදවතින්ම කිව්වොත් 100% විශ්වාස සුපිරි ෆෝන් එකක්..

No comments:

Post a Comment