Tuesday, June 9, 2015

අපි කවුරුත් දන්න Social Media ගැන හැමෝම නොදන්න කතා ටිකක්...

අද කාලයේ ජංගම දුරකථන බාවිතා කරන ගොඩාක් අය Social Media එහෙමත් නැත්නම් Skype, Viber, Tango, Facebook, Twitter, Whatsapp, tsu, Google+ , වගේ ගොඩාක් Apps බාවිතා කරන්න හුරු වෙලා. ඒ නිසාම දුරකථන සේවා සපයන ආයතනත් ඒ සදහා විවිධ වු අන්තර්ජාල පැකේජයන් හදුන්වා දෙමින් තරග කිරීමට පටන් අරන්.
මේ නිසාම Social Media බාවිතයේදි ඇතිවෙන ගැටලු පිලිබද එකින් එක කතා කරමු

ප්‍රශ්නය - Data card එකක MB use වෙන්නේ කොහොමද ?

අපි පලමුවෙන් facebook, twitter, tsu, google+, මෙවැනි ඇප්ස් බාවිතා කිරීමේදී data බාවිතා වන ආකාරය ගැන විමසුව හොත් එහි පවතින් post වල එසෙත් නැතිනම් image එසෙත් නැතිනම් video වල නියම quality එක එහෙමත් නැතිනම් නියම ස්වරූපය විදහා පෙන්වීමේදි එය ඔබට දිස්වනුයේ download වීමෙන් පසුවයි.ඒ සදහා ඔබගේ data වියදම් වේ.ඔබ යම දෙයක් අන්තර්ජාල ගත කරන අවස්ථාවකදී එහිද ස්වරූපය හා ප්‍රමානය අනුව data වියදම් වේ.

Skype viber tango වැනි ඇප්ස් බාවිතා කිරීමේදී ඒ සදහා data වැය වනුයේ ඔබ සහ ඔබේ හඩ පැහැදිලිව අනෙක් පාර්ශව සදහා ඇසීමට සැලැස්වීමට සහ පෙන්වීමටයි.

ප්‍රශ්නය -
එතකොට data දාලා කොච්චර වෙලාවක් fb එසෙත් නැතිනම් skype  වගේ network වල ඉන්න පුලුවන්ද ?

එක ගැන නම් කියන්න අමාරුයි. ඒක තිරනය වෙන්නේ බාවිතා කරන විදියත් එක්ක. Facebook, google+ වගේ නෙට්වර්ක් බාවිතා කරන අවස්තාවක ඔබ වීඩියෝ දර්ශන නැරඹීම සිදු කල හොත් එසෙත් නැතිනම් image upload / video upload කර හොත් එහි ප්‍රමානය අනුව ඔබට බාවිතා කල හැකි කාලය තීරනය කල හැක.
ඒ නිසා ඒ වෙනුවෙන් කාලයක් කියන්න අමාරුයි.


ප්‍රශ්නය - Skype /tango/viber කෝල් කරද්දී data ඉවර වෙන්න කතා කරන කාලය වැඩි වෙන්න ඉන්න ස්ථානය බලපෑම් ඇති කරනවද ??

හොද ප්‍රශ්නයක් අනිවාරයෙන්ම ඔව්.  සරලව කීවොත් ඔබ එවැනි ජාලයක් බාවිතයේදි සිදුවන්නේ නිරතරයෙන් ඔබව upload  කරගෙන සංවාදය සිදු වන පාර්ශවයට පෙන්වීම සහ අදාල පාර්ශවය download වී ඔබට පෙන්වීමයි. එවැනි යම අවස්ථාවකදී ඔබ ජනේලයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් ගුවන් විදුලියක් අසල නිරන්තරයෙන් වෙනස් වෙන පසු බිමක සිට සංවාදය පැවැත්වීමේදී නිරන්තරයෙන් upload / download වීම සදහා data වියදම් වේ. ඒ නිසයි කලින්ම මම කීවේ ස්ථානය අනුව data බාවිතය වෙනස් වෙනවා කියලා.

ප්‍රශ්නය -  එතකොට කොහොම අපි ඒක අඩු කරගන්නේ ?

ඒකට කරන්න තියෙන්නේ බාවිතා කරන ස්ථානය ගැන පොඩි අවදානයක් ගත්තානම් හරි .

ප්‍රශ්නය - වීඩියෝ නැතිව වොයිස් කෝල් එකක් ගන්නකොටත් ඕක බලපානවද ?

ඔව් අනිවාර්යයෙන් ඔබ ඝෝෂාව සහිත තැනක ඉදන් කතා කරොත් ඒ සියලු හඩ එක් කොට අනෙක් පාර්ශවයට ලබා දීමට data වැය කිරීමට සිදුවේ.ගුවන්විදුලි යන්ත්‍ර වැනි යමක් අසල නම් එය ඉතා ඉහල data ප්‍රමාණයක් වෙන්න පුලුවන්.

ප්‍රශ්නය - අපේ account ගැන අපේ කෝල් වෙන අයට අහන් ඉන්න පුලුවන්ද

ඔයාගේ මුරපද අස්තානගත උනොත් තව කෙනෙකුට ලොග් වෙලා බාවිතා කරන්න පුලුවන්. එසේත් නැතිනම් skype viber එකට වෙලාවක් නෑ ඔයාගේ කෝල්ස් ගැන අහගෙන ඉන්න. එත් යම් උවමනාවක් උනොත් ගන්න සුරක්ෂිතව ගබඩා කරලා තියෙන්නෙ මේ හැම සංවාදයක්ම.

ප්‍රශ්නය - කෙනෙක් බොරු එකවුන්ටන් එකක් හදාගෙන හෝ මගේ නමින් එකවුන්ටන් එකක් හදාගෙන ඉන්නවා නම් අපිට ඒක අයින් කරන්න පුලුවන්ද ?

පුලුවන් ඒ ඔබේ අයිතිය ඒ හින්දා ඔබට පුලුවන් ඒ ගැන ලගම ඇති පොලිස් ස්ථානය හරහා පැමිණිලි කර ඒ පිලිබදව ක්‍රියාමාර්ග ගැනීමට ඒ වගේම හැම  social media එකක්ම එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරලයි තියෙන්නෙ. ඒ ගැන වගේම ඒවාට ක්‍රියාමාර්ග ගන්නා ආකාරය වෙනමම් ලිපියක් මගින් සවිස්තරාත්මක කතා කරමු.

ප්‍රශ්නය - මම facebook එකට දාපු මම මහන්සියෙන් ගත්තු image එකක් copy කරලා අරන් වෙන පිටුවක දාලා ඒ කෙනාගේ නමින් එකට විරුද්ධව මට කරන්න පුලුවන් මොනවද ??

පැහැදිලිවම ඔබට කරන්න දෙයක් නෑ. වෙන කෙනෙක් එහෙම දෙයක් කරන එක සදාචාරාත්මක නෑ. නමුත් ඔබ යම් දෙයක් සමාජ ජාල වෙබ් අඩවියකට මුදා හල පලමු වෙනි තප්පරයේ සිට එහෙ අයිතියත් ඔබෙන් ගිලිහෙනවා. එයයි මෙවැනි වෙබ් අඩවි වල ස්වරූපය. ඒ නිසා ඔබට යම් අයිතිවාසිකමක් කිමට අවශ්‍ය දෙයක් පල කරනවා නම් එයට water mark එකක් බාවිතා කරන්න.


ප්‍රශ්නය - facebook දාලා තියෙනවා මම දැකලා තියෙනවා මම බාවිතා කරපු data ප්‍රමාණය  පැය ප්‍රමාණය වගේ දේවල් monitor කරන software ඒ ඇත්තද ??


නැහැ. ඒක බොරුවක්. තාම එහෙම දෙයක් ගැන fb එක හිතලා වත් නැතිව ඇති. කෙනෙකුට පුලුවන් එවැනි 3rd party applications හදලා facebook දාන්න. නමුත් facebook හි අවසරයක් නැතුව එවැනි දේවල් කරන්න බැ. එවැනි දේවල් වලින් කරන්නේ ඔවුන්ගේ වෙබ් පිටු fb page promote කර ගන්න එක විතරයි.

ප්‍රශ්නය - අපි smart mobile එකකින් ගන්න photos auto  upload වෙනවාද


ඔවු එහෙම වෙනවා අපිම තමා ඒක on කරන්නෙත් අපි නොදැනුවත්වම සමහර විට public  වෙලා. එක වෙනස් කරන්න පුලුවන් ගොඩාක් වෙලාවට මේ දේවල් වෙන්නේ google+, facebook, එකත් එක්ක තමා ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එක හොදයි.නැතිනම් ප්‍රශ්න ගොඩයි.

අවසරයකින් තොරව හැමෝටම බෙදා හරින්න


Feed SL Technology
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677
* Gmail - feedsltechnology@gmail.com
* Visit Our blog page -
http://feedsltechnology.blogspot.com/
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map - Feed SL Technology
* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment