Saturday, July 11, 2015

කාලයක් යන විට Android දුරකථන Slow වෙන්නේ ඇයි? ඒවා නැවත වේගවත් කරගන්නේ කෙසේද?

කාලයක් ගිය විට Android දුරකථන සහ Tablet මන්දගාමී වීමට බලපාන හේතුන් මොනවාද කියා සාකච්චා කිරීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. එම හේතුන් පිලිබදව දැනගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා නැවත ඔබේ දුරකථනය වේගවත් කරගැනීමට. 





Operating System Updates and Heavier  Apps

ඔබේ Android දුරකථනය සදහා අවුරුද්දකට කිහිප සැරයක්ම (android operating system Updates) ලැබෙනවා . මතක තබා ගන්න එලෙස ඔබේ දුරකතයට ලැබෙන Updates විශේෂයෙන්ම ඔබේ දුරකතනයට ගැලපෙන ලෙසම නිර්මාණය කර නොමැති බව. එම හේතුව නිසා ඔබේ දුරකථනය මන්දගාමී වෙන්න පුළුවන්. මොකද එම update වල තිබෙනවා (bloatware apps), ඒවා දුරකතනයේ background එකේ සැමවිටම ක්‍රියාත්මක වෙන නිසා දුරකථනය ස්වභාවයෙන්ම මන්දගාමී වෙනවා. 




ඒවගේම තමයි ඔබේ දුරකතනයේ තිබෙන Apps ඒවා සදහාද නිතරම වගේ අලුත් update ලැබෙනවා. එලෙස දීර්ඝ කාලයක් විටින් විට updates ලැබීම නිසා එම app එකේ බර ටිකෙන් ටික වැඩි වෙනවා. මොකද එම apps නිර්මාණය කරන අය අලුතෙන් updates ලබා දෙන්නේ අලුත් දුරකථන සදහා සාර්ථකව ක්‍රියා කරන ආකාරයටයි. ඉතාමත් වේගවත් අලුත් දුරකථන වල තිබෙන දෘඩාංග කොටස් සමග හොදින් ගනුදෙනු කිරීමට එම apps වලට හැකියා තිබුනත් අවසානාවකට පැරණි දුරකථන මන්දගාමී කිරීමට එය  සමත් වෙනවා. හොදම උදාහරණය තමයි විටින් විට වෙබ් අඩවි යාවත්කාලීන කිරීම මගින්ද එම වෙබ් අඩවියේ බර වැඩි වෙනව. මෙහිදී පරිගණක ක්‍ර්රීදාවන් ගැනද කතා කල යුතු වෙනවා. එකම පරිගණක ක්‍රීඩාවේ අලුත් සංස්කරණයන් පැරණි පරිගණක වල ක්‍රීඩා කිරීමේදී අධික ලෙස මන්දගාමී වෙන බව ඔබ දන්නවනේ. මෙම සිද්ධාන්තයම පරිගණක මෘදුකාංග සදහාද ඇතුලත් වෙනවා. 

මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?



මෙහිදී ඔබට ගොඩක් දේවල් කරන්න නැහැ. ඔබට දැනෙනවානම් android මෙහෙයුම් පද්දතිය වඩාත් මන්දගාමී බව ඔබට පුළුවන් (Cyanagenmode) වගේ කස්ටම් රොම් එකක් ස්ථාපිත කරගන්නට. මොකද එවැනි මෙහෙයුම් පද්දති වල දුරකථන නිෂ්පාදකයින් විසින් ඇතුලත් කරන ලද bloatware ඇතුලත් වෙන්නේ නැහැ. ඒවගේම apps මන්දගාමී වී තිබෙන බවක් ඔබට පෙනෙනවානම් ඔබේ දුරකතනයේ RAM මතකයට සරිලන සැහැල්ලු apps භාවිතා කරන්න. 

Background Process 

කාලයක් යන විට ඔබ apps ගණනාවක්ම දුරකතනයේ ස්ථාපිත කිරීමට පෙළඹෙනවා. ඒ අතරින් සමහරක්  apps දුරකථනය on වෙන විටම ක්‍රියාත්මක වෙමින් background එකේ run වෙමින් CPU එක සහ RAM මතකය වැඩි වශයෙන්  භාවිත කරනවා. එම නිසාම දුරකතනය මන්දගාමී වෙනවා. එවැනි apps රාශියක් ඔබ දුරකතනය සදහා ස්ථාපිත කර තිබෙනවානම් ඒවා run වෙන විට ඔබට වෙනත් වැඩක් සිදු කිරීමට හැකි වෙන්නේ නැහැ. 

ඒවගේම තමයි වැඩි දෙනෙක් දුරකථන තිරය සරසා  ගැනීම සදහා Animated live Wallpaper සහ widgets වැඩි වශයෙන් භාවිතා කරනවා. ඔබේ දුරකතනය මන්දගාමී වීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ එය බව මතක තබා ගන්න. 

දුරකතනයේ background එකේ run වෙන apps පිලිබදව සොයා බැලීමට settings  වලට ගොස් apps screen එක වෙතට පිවිසෙන්න. ඔබ භාවිතා නොකරන app එකෙක් background එකේ run වෙනවා කියා ඔබට පෙනෙනවානම් වහාම එය uninstall කරන්න. 

මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?


Live wallpapers අක්‍රීය කර දමන්න, අවශ්‍ය කරන widgets පමණකක් home screen එකහි තබා ගන්න අනෙකුත් ඒවා ඉවත් කරන්න. ඔබ භාවිත නොකරන බරින් වැඩි apps තිබෙනවානම් ඒවා අක්‍රීය කර හෝ uninstall කර දමන්න. 




Cache Files 

ඔබ දුරකථනය ස්ථාපිත කර තිබෙන apps මගින් cache file සාදනවා. ඒවා වලටද ඔබේ දුරකතනයෙන් යම් ඉඩක් වැය වෙනවා. එලෙස සියලුම apps වලින් සාදන cache file එකවර මකාදැමීම සදහා (Clean Master) වගේ app එකක් භාවිතා කරන්න පුළුවන්. එලෙස cache file මකා දැමීමෙන් file system එක වේගවත් කරගන්න පුළුවන් වෙනවා. 

වඩාත්ම හොඳ දෙය නම් දුරකථනය factory reset කොට ඔබ වැඩිපුරම භාවිතා කරන apps පමණක් ස්ථාපිත කිරීමයි. එහිදී ඔබේ දුරකතනයේ දත්ත මැකී යන නිසා පළමුව ඒවා බැකප් කරගැනීමට මතක තබාගන්න.

හොඳයි එහෙනම් ඔබට අවභෝධ වෙන්න ඇති ඔබේ android දුරකථනය කාලයත් සමග slow වෙන්නේ මොකද කියා. ඒවගේම එම හේතු මගහරිමින් නැවත දුරකථනය වේගවත් කරගන්නේ කෙසේද කියාත් ඔබ මෙහිදී දැනගන්න ඇති.

NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677




* Gmail -  feedsltechnology@gmail.com


* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology


* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404


1 comment: