Sunday, July 19, 2015

සැම්සුන් සමාගම ඔවුන්ගේ සිහින්ම ස්මාර්ට් දුරකථනය එලි දක්වයි.

සිහින් බවින් වැඩි උපාංග වලට පාරිභෝගික කැමැත්ත එන්න එන්නම වැඩිවෙනවා. පුදුම සහගත අංග සමගින් නව ජංගම දුරකථන හැම මාසෙකම වගේ වෙළඳපොළට පැමිණෙනවා. සමහර වෙලාවට එය සතිපතා වෙන්නත් පුළුවන්. පසුගියදා අපි ඔබට තොරතුරු ගෙනාවා Marshall London දුරකථනය පිළිබඳව. අද අපි තොරතුරු ගෙන එන්නේ සැම්සුන් සමාගමේ නවතම දුරකථනය වන Galaxy A8 පිළිබඳවයි.



මෙහි ප්‍රධානම විශේෂත්වය වන්නේ දැනට සැම්සුන් සමාගම නිෂ්පාදනය කල සිහින්ම ස්මාර්ට් දුරකථනය වීමයි. සැම්සුන් සමාගම ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයේ හොඳ ස්ථානයක පසු වන බව කවුරුත් පිළිගන්න කරුණක්. නමුත් ඔවුන්ට කිසිදා ඔවුන්ගේ දුරකථන සඳහා නිර්මාණශීලී සැලසුමක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. නමුත් මේ තත්වය Galaxy S6 සහ S6 Edge දුරකථන පැමිණීමත් සමඟ වෙනස් වුණා. මේ වෙනස තව දුරටත් A8 සමඟින් ඉදිරියට ගෙන යාමට හැකි වේවි.




No comments:

Post a Comment