Tuesday, July 21, 2015

සැම්සුන් සමාගම USB 3.0 පෝර්ට් එක ඉවත් කලේ ඇයි??? ඔබ කවුරුත් නොදත් තිත්ත ඇත්ත මෙන්න!!!

SAMSUNG Galaxy Note 3 සමග මුල්වරට හදුන්වාදුන් USB 3.0 පෝර්ට් එක ඉන්පසු Galaxy S5 සමගත් පැමිණියද පසුව හදුන්වාදුන් Note4/S6/S6 edge ඇතුලු කිසිදු අලුත් ඩිවයිසයකට ඔවුන් USB 3.0 යෙදුවේ නෑ.. ඒවෙනුවට පැරණි USB 2.0 පෝර්ට් එකම යොදා තිබෙනවා.

මෙය අලුත් ෆෝන් එකක් ගන්න යන කෙනෙක්ගෙ ඇස නොගැටෙන ප්‍රයෝගයක්..
USB 3.0 කියන්නෙ USB 2.0 මෙන් 10 ගුණයක දත්ත හුවමාරු වේගයක් ඇති පෝර්ට් එකක්. එසේම USB 2.0 හි ඇති timeout errors/device not configured ලෙස mtp ආකාරයේදී ලැබෙන එරර්ස් ගණනාවක් fix කරන ලද කිසිදු ප්‍රශ්ණයකින් තොරව එක්වරම mtp ඔස්සේ විශාල ෆයිල් ගණනාවක් වුවද copy කරගත හැකි පෝර්ට් එකක්.
රූපයේ දැක්වෙන්නේ USB 3.0 පෝර්ට් එකයි. මෙය පෝර්ට් 2ක් ආකාරයෙන් දිස් වන්නේ සාම්ප්‍රදායික USb 2.0 එක සහ අමතරව තවත් පෝර්ට් එකක් මෙයට සම්බන්ධ කර නිපදවා ඇති ආකරයක් දිස් වීම නිසයි.
USB 3.0 පෝර්ට් එක සහ එය සමග එයට ඔබින ඩේටා කේබලය නිපදවීමට යෙදිය යුතු පිරිවැය අති විශාලයි.. දුරකතන මිලියන ගණනින් නිපදවන සැම්සුන් සමාගමට මෙය අති විශාල පාඩුවක් ගෙනදීමට සමත් වුනා. මොකද එම සමාගමෙන් දුරකතන ලබාගන්නා පාරිභෝකියන් අතරෙනුත් සැලකිය යුතු කොටසක් පරිඝණක හරහා විශාල දත්ත ප්‍රමාණයන් හුවමාරු කරන්නේ නැති බව ඔවුන් සොයා ගත්තා.
මේනිසා ඔවුන්ගේ මෙම වටිනා පෝර්ට් එකෙන් ප්‍රයෝජන ලබාගන්නේ පාරිභෝකියන් කිහිපදෙනෙක් පමණක් නිසාත්..පෝර්ට් එකේ පිරිවැය විශාල නිසාත්..
වෙළද පළ අනෙකුත් ඩිවයිස තවමත් යොදාගන්නේ USB 2.0 නිසාත්...
දැනට USB 3.0 හි ඇති එකම දෝශය වන පෝර්ට් එක තරමක් විශාල වීම නිසාත්..
අලුත් ඇපල් ඩිවයිස වල පෝර්ට් එක ඉතා කුඩා වීම නිසාත්..
යන කාරණා කිහිපයම සලකා බලමින් ඔවුන්ගේ තීරණය වන්නට ඇත්තෙ USB 2.0 වෙත නැවත ගමන් කිරීම බව බොහෝ රූමර් අඩවි පවසයි.
මීලග සැප්තැම්බරයේ නිකුත් වීමට නියමිත Galaxy Note 5 පවා USB 2.0 සමග නිපදවා තිබීම නිතර පර්ඝණක හරහා ගොනු හුවමාරු කරන පරිශීලකයන් හට අවාසියකි. USB 3.0 එක්වරක් හෝ භාවිතා කළ පරිශීලකයන් USB 2.0 හි වේදනාව දන්නා බව ඔවුන් තවදුරටත් පවසයි.
මෑතදී එළිදැවුනු USB 3.0 හි නවතම මාදිළිය වන type-C හෝ මීලග USB 3.1 පෝර්ට් එක සාමාන්‍ය USB 3.0 පෝර්ට් එකට වඩා සිහින් හා කුඩා වන හෙයින් මීළග සැම්සුන් ඩිවයිස වලට එය යොදාගන්නා බවට සැක නැති බව රූමර් අඩවි තවදුරටත් පවසයි!
Galaxy Note 3/S5 සහ සමහර ටැබ්ලට් උපාංග පමණක් දැනට USB 3.0 සමග නිකුත් වී ඇත.
USB 3.0 පෝර්ට් එකෙහි සම්බන්ධක අග්‍ර නිල් පැහැයෙන් සංකේතවත් වේ.

No comments:

Post a Comment