Saturday, July 4, 2015

Turing Phone , තවත් සුපිරි ජංගම දුරකතනයක්



ටියුරින් රොබොටික්ස් සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා ලොව ප්‍රථම ද්‍රවමොර්ෆියම් ද්‍රව ලෝහය ඇසුරෙන් නිර්මාණය කෙරෙන දුරකතනයක් එළිදැක්වූවා. මේ අමුද්‍රව්‍ය ටයිටේනියම් සහ වානේ වලට වඩා ශක්තියෙන් ඉහල බව පැවසෙනවා.

මේ දුරකතනය Andorid ලොලිපොප් 5.0 මත ක්‍රියාකෙරෙන අතර අඟල් 5.5ක Full HD තිරයක් මෙගාපික්සල් 13ක පසුපස කැමරාව, මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් සහ 3000mAh බැටරියකින් ද යුක්තයි. මෙහි Qualcomm Snapdragon 801 processor 2.5GHz quad-core Krait graphics, 3GB of RAM අන්තර්ගත වන අතර 16/32/64GB ප්‍රමාණ වලින් දත්ත ගබඩා කිරීමේ පහසුකම් පවතී. මේ අන්තර්ගතය දැනට වෙළඳපොලේ හමුවන ප්‍රමුඛපෙළේ දුරකථන වලට බෙහෙවින් සමානය.

මෙහි Fingerprint ස්කෑනරයක් අන්තර්ගත වන අතර එය Home button එකේ අන්තර්ගත නොකර දුරකථනයේ එක පැත්තකට වනසේ ස්ථාපනය කර තිබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් microUSB චාර්ජරයක් වෙනුවට චුම්බක බලයෙන් චාර්ජ් කල හැකි චාර්ජරයක් භාවිතා කිරීමයි.
මෙය Waterproof වන අතර Binnacle Ocean Master නැනෝ ස්ථරයක් මගින් දුරකථනය අඩි 30ක් ගැඹුරු ජලයේ වුව ද ආරක්ෂා කරයි.
මේ පහසුකම් වලට අමතරව මේ දුරකතනයේ තවත් එක සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙහි ඇති ආරක්ෂාවයි. මෙම දුරකථනයෙන් ලබාගන්නා ඇමතුම් සහ යවනු ලබන කෙටි පණිවිඩ සයිබර් ප්‍රහාර වලට ලක්වීමේ කිසිඳු ඉඩක් හෝ අවදානමක් නොමැති බව Turing Robotics සමාගම පවසා සිටිනවා.


මේ නව ජංගම දුරකථනය 16GB ($610=රුපියල්-81,500), 64GB ($740=රුපියල්-99,000) and 128GB ($870=රුපියල්-116,500) මිලගණන් යටතේ ජූලි 31 වනදා සිට පූර්ව අලෙවිය සඳහා නිකුත් වීමට නියමිතයි.
www.sira.lk වේබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි..

Feed SL Technology
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677



* Gmail - feedsltechnology@gmail.com






* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology


* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404 

No comments:

Post a Comment