Saturday, July 4, 2015

ඔබට අවශ්‍ය Android දුරකථනය තෝරාගැනීමට සහය වීමට Google සමාගම ඉදිරිපත් වෙයි.

Android දුරකථන පිළිබඳව කතා කරද්දී වර්තමානයේ නොයෙක් මාදිලි වලින් විවිධ සමාගම් වලින් විවිධ මිලගණන් යටතේ නිකුත් කල දුරකථන අපට හමුවනවා.



දුරකථන පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති පුද්ගලයකු දුරකතනයක් මිලදී ගැනීමට ගියවිට මුහුණ දෙන අපහසුතා වලට මුහුණදීමේ අත්දැකීම ඔබටත් ඇතුවාට සැකයක් නැත. මේ නිසාම ඔබට ඇති වන අපහසුතා යම්තාක් දුරකට මගහරවා ගැනීම සඳහා Google සමාගම වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.
පහත දැක්වෙන්නේ මේ වෙබ් අඩවිය යි.


මේ වෙබ් අඩවියට පිවිසෙන ඔබට ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙනම දුරකථනය තොරා දීම සඳහා ප්‍රශ්න මාලාවක් ඇසෙනවා. උදාහරණයක් ලෙස ඔබ මේ දුරකථනය වැඩි වශයෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරන්නේ ඡායාරූප ගැනීම සඳහා ද , ගේම්ස් සඳහා ද නැතහොත් ප්‍රධාන වශයෙන්ම ඇමතුම් ලබාගැනීම සඳහා වැනි ප්‍රශ්න දැක්විය හැක. මෙවැනි කාර්යන් සඳහා ඔබේ දැන් පවතින දුරකතනයේ කෙතරම් කාලයක් වය කරනවා දැයි ද ඔබෙන් ප්‍රශ්න කෙරෙනවා. මිට අමතරව ඔබට පිළිතුරු දීම සඳහා ලැබෙන අනෙක් ප්‍රශ්න වලට ඔබ ලබාදෙන පිළිතුර මත පදනම් ව ඔබට වඩාත් ගැලපෙන දුරකථන සඳහා වන ප්‍රථිපල තිරය මත දිස් වනු ඇත. මේ වෙබ් අඩවිය මේ වන විට ඇමෙරිකාවේ වෙසෙන පුද්ගලයන්ට වඩාත් ගැලපෙන ආකාරයෙන් සකසා ඇති බවත් දැනගන්නට ලැබෙනවා. ඒ මොකද කියනවනම් ඔබේ දුරකථන සේවා සපයන්නා යටතේ ඔබට තේරීමට ලැබෙන්නේ ඇමෙරිකාව ආශ්‍රිතව පවතින දුරකථන ජාල පමණක් නිසා. කෙසේ නමුත් මෙමගින් අපට අවශ්‍ය වන දුරකථන සෙවීම සඳහා බලපෑමක් ඇති නොවන බවත් මතක් කරන්න කැමතියි. මේ අතර මේ පහසුකම පවතින්නේ Android දුරකථන සොයන පුද්ගලයන්ට පමණක් බවත් මතක් කරන්න කැමතියි.



Feed SL Technology
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075 - 077 0 677 / 076 - 777 4 277
Fax - 035 22 30 677


* Gmail -  feedsltechnology@gmail.com


* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology

* Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ mobile news alert for Ur mobile type follow feedsltechnolgy and Send 40404 

www.sira.lk වේබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි..

No comments:

Post a Comment