Friday, September 25, 2015

Acer සමාගම හඳුන්වාදෙන Acer’s Predator 6 ගේම් ගහන්න මරු Phone එකක්ලු.


Acer සමාගම කියන්නේ තාක්ෂණික ලෝකයේ දිනාගෙන තියන සමාගමක්.ඒ හින්දම Acer සමාගම

අලුත් දුරකතනයක් හඳුන්වා දුන්නා. ම දුරකතනයේ විශේෂත්වය තමයි මේ සඳහා යොදාගෙන තියන 

උපාංග සියල්ලම ඉතාමත් නවීනතම තාක්ෂණයෙන් යුතු වීම. මේ දුරකථනය ඔවුන් හඳුන්වන්නේ 

Acer Predator 6 කියන නාමයෙන්. මේ දුරකථනය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ 

ගේම් ගහන කට්ටියට කියලයි දැනගන්න ලැබෙන්නේ.


මේ දුරකතනයේ අන්තර්ගත වෙලා තියෙන්නේ MediaTek Deca core ප්‍රොසෙසරයක්. රතු සහ කළු වර්ණ දෙක එකතු කරලා තමයි මේ දුරකථනය නිර්මාණය කරලා තියෙන්නේ. Acer Predator 6 දුරකතනයේ 4GB RAM එකක් අන්තර්ගත වන අතර චලන සංවේදක වගේම haptic feedback (තිරය ඔබන විට කම්පන දැනීම) එකට ප්‍රමුඛත්වයක් දී තිබෙන්නේ gaming controller එකක අත්දැකීමක් ලබා දීමටයි. ඒ වගේම මෙහි මෙගාපික්සල් 21 ක පසු පස කැමරාවක් ද අන්තර්ගත වනවා.
මේ දුරකථනය ලබන වසරේ මුලදී වෙළඳපොළට නිකුත් කරන අතර Acer සමාගම මේ දිනවල මේ දුරකථනය හොඳින් පරික්ෂා කරමින් එහි ඇති අඩුපාඩු මගහැරීමට කටයුතු කරමින් සිටිනවා. මෙහි මිලගණන් ද මේ දක්වා දැනුම් දී නොමැත.




No comments:

Post a Comment