Monday, September 28, 2015

iOS 9 දැන් ඔබටත් ලබා ගන්න පුළුවන්...

මේ මස මුලදී පැවති WWDC 2015 සමුළුවේදී Apple සමාගම තමන්ගේ නවතම පාලන
පද්ධතිය වන iOS 9 සහිත iPhone 6s සහ 6s plus දුරකථන දෙක වගේම iPad එකත්
 හඳුන්වා දුන්නා. ඉතින් මේ පාලන පද්ධතිය පිළිබඳව තොරතුරු ඒ වන විටත් බොහෝ
දෙනෙක් දැනගෙන සිටියා. කොහොමහරි මේ


නව පාලන පද්ධතිය බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. දැන් ඔබට ඔබේ
 iPhone ජංගම දුරකතනයෙන් ම මේ යාවත්කාලින කිරීම සිදුකරගන්න පුළුවන්.
මේ නව iOS 9 පාලන පද්ධතිය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ මෙන්න
මේ උපාංග පෙළයි.
iOS සමඟ හඳුන්වා දුන් Siri වැඩසටහන තවත් හොඳින් ක්‍රියාකරන ලෙසට වැඩිදියුණු
කර දැනගන්න ලැබෙනවා. ඒවගේම Apple Maps , notification ඩ්‍රොප් ඩවුන් මෙනුව
තව තවත් කාර්යක්ෂම ලෙස ක්‍රියාකරන අන්දමට සකසා තිබෙනවා. ඒ වගේම සතුටට
 කාරණයක් වන්නේ iOS 8 සමඟ ක්‍රියාකළ සෑම උපාංගයක්ම iOS 9
සමඟ ක්‍රියාකිරීමට හැකිවීමයි.
ඒ වගේම මේ නව පාලන පද්ධතිය තුලින් iPad වල multi-tasking ක්‍රියාවලිය සඳහා
 පහසුකම් ද සැලසෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අගය කල තවත් කරුණක් වන්නේ
මෙහි ප්‍රමාණය 1.4GB පමණ කුඩා වීමයි. මේ නිසා 16GB උපාංගයකට වුවත් මෙය පහසුවෙන් 
ඇතුලත් කර ගැනීමේ ඉඩපහසුකම් සැලසෙනවා.
මේ අතර නව News app එකක් ද Apple සමාගම හඳුන්වා දී තිබෙනවා. එමගින් ලෝකයේ
විවිධ දෙසින් වාර්තා වෙන පුවත් සැනෙකින් ඔබට දැනගැනීමට පුළුවන්.
ඔගොල්ලොන්ගේ iPhone එකත් update කරලා බලලා අලුත් iOS එක කොහොමද
කියල කියන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment