Friday, October 2, 2015

Google සමාගම නවතම Nexus දුරකථන දෙක හඳුන්වා දෙයි.


බොහෝ දෙනෙකු ආසාවෙන් බලා සිටි Google සමාගමේ මීළඟ Nexus ජංගම දුරකථන දෙක පසුගිය 29 වනදා එළිදක්වනු ලැබුවා. නිල වශයෙන් මේ දුරකථන එළිදක්වනටත් පෙර සිටම එහි ඡායාරූප අන්තර්ජාලයට එක් වී තිබුණු අතර දුරකථන පිළිබඳව නොයෙක් ආරංචිමාර්ග පැතිරෙන්නටත් වුනා.
කෙසේ නමුත් මින් බොහොමයක් කටකතා සැබෑ කරමින් Google සමාගම සිය Nexus පවුලට අලුත්ම සාමාජිකයන් දෙදෙනෙක් හඳුන්වා දීමට කටයුතු කළා. මෙවර මේ දුරකථන සෑදීමේ කාර්යභාරය පැවරී තිබුණේ Huawei සමාගමට සහ LG සමාගමටයි. ප්‍රමාණයෙන් විශාල Nexus 6P දුරකථනය Huawei සමාගම විසිනුත් ප්‍රමාණයෙන් තරමක් කුඩා 5x දුරකථනය LG සමාගම විස්නුත් නිර්මාණය කරනු ලැබුවා.

NEXUS 5X



NEXUS 6P



මේ දුරකථන දෙකෙන් 6P දුරකථනය අඟල් 5.7ක 1440 x 2560 resolution එකක් සහිත තරමක් විශාල තිරයක් ඇති phablet වර්ගයේ දුරකතනයක්. එය තනිකරම ඇලුමිනියම් ලෝහයෙන් යුතු බඳක් සහිතයි. Nexus 5X දුරකථනය එයට සාපේක්ෂව තරමක් කුඩා අතර එහි අඟල් 5.2ක 1080 x 1920 resolution එකක තිරයක් සහිත යි. එම දුරකතනයේ බඳ ප්ලාස්ටික් නිමාවකින් යුක්තයි. Nexus 5X දුරකතනයේ hexa-core Snapdragon 808 ප්‍රොසෙසරයක් සහ 2GB of RAM එකක් අඩංගු වන අතර Nexus 6P දුරකතනයේ octa-core Snapdragon 810 ප්‍රොසෙසරයක් සහ 3GB RAM එකක් ඇතුලත් වෙනවා. දුරකථන දෙකේම මෙගාපික්සල් 12.3ක පසුපස කැමරා තිබෙන අතර අඩු ආලෝක තත්ත්ව යටතේ හොඳ ඡායාරූප ලබාගැනීම සඳහා ඒවා වැඩිදියුණු කර ඇති බවත් සමාගම පවසනවා. 6P දුරකතනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 8ක් වන අතර 5X දුරකතනයේ එය මෙගාපික්සල් 5කි. දුරකථන දෙකම Android හි නවතම පාලන පද්ධතිය වන Marshmallow මත ක්‍රියාකරනවා. මේ දුරකථන දෙකේම මෙමරි කාඩ් භාවිතා කිරීමට නොහැකි අතර 6P දුරකථනය 32GB, 64GB සහ 128GB යන ධාරිතා වලින් පැමිණෙන අතර 5X දුරකථනය 16GB සහ 32GB ධාරිතා වලින් පැමිණෙනවා. මේ දුරකථන දෙකේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ දුරකථන දෙකේම fingerprint scanners නැතිනම් ඇඟිලි සලකුණු සංවේදක සවිකර තිබීමයි. ඒවගේම USB type C වර්ගයේ තාක්ෂණයක් මේ දුරකථන දෙකේම තිබෙනවා. Nexus 5X හි 2,700mAh බැටරියක් සහ Nexus 6P හි 3,450mAh බැටරියක් ඇතුලත් වනවා.



මේ දුරකථන ඔක්තෝබර් මාසයේ දී වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි.





FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404



No comments:

Post a Comment