Saturday, October 3, 2015

LG G5 දුරකථනය ඔබේ ඇසට සංවේදී වෙයි ද ?


Iris recognition technology හෙවත් ඔබේ ඇසේ කළු ඉංගිරියාව හඳුනා ගන්නා තාක්ෂනය ඔබ චිත්‍රපට වල දැක ඇතුවාට සැකයක් නැත. මේ තාක්ෂණය ඔබට ඇත විඳීමට ලැබුනොතින් ? මෙසේ ඔබට සිතුනු වාර ගණන් කෙතරම් ඇති ද ?
ඔබ ඒ දුටු සිහිනය සැබෑ වන ලකුණු දැන් දැන් පහළ වෙමින් පවතින බවට අපිට නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. මේ වන විටත් දුරකථන වල ඇඟිලි සලකුණු සංවේදක භාවිතා වෙමින් පවතිනවා. දියුණු වන තාක්ෂණයේ මීළඟ පියවර ලෙස දෙනෙකු අපේක්ෂාවෙන් සිටින්නේ නුදුරු අනාගතයේ දී ම ජංගම දුරකථන වලට මේ නව තාක්ෂනය ඇතුලත් වනු ඇති බවයි. LG සමාගම මේ වන විටත් මේ තාක්ෂනය සම්බන්ධව පරයේෂණ කරගෙන යන බව දැනගන්නට ලැබෙනවා.
මේ තාක්ෂනය ගැන කතා කරන කොට IRIENCE සමාගම තමයි මේ සම්බන්ධ බොහෝ පර්යේෂණ සිදු කරන්න. සෙන්ටිමීටර 30ත් 50ත් අතර පරාසයක් තුල මෙය ක්‍රියාකරන ආකාරයට නිර්මාණය කිරීම සමාගමේ වෑයමයි. අපේ ඇඟිලි සලකුණ මෙන්ම ඇසේ කළු ඉංගිරියාව ද පුද්ගල අනන්‍යතාව හඳුනාගැනීමට භාවිතා කිරීමට පුළුවන්. ඒ නිසා මේ තාක්ෂනය අනාගත ලෝකයේ ආරක්ෂාව සඳහා බොහෝ ලෙස භාවිතා වීමට ඉඩ තිබෙන දැනටමත් දියුණු රටවල් වල භාවිතා වන තාක්ෂණයක්. ඔබේ දුරකථනය අතට ගෙන ඒ දෙස බැලීමෙන් පමණක් එය unlock කර ගැනීමට හැකිනම් කෙතරම් අපූරු ද ? අපි බලමු LG සමාගම 2016 වසරේ දී මේ තාක්ෂනය අප වෙත ඔවුන්ගේ LG G5 දුරකථනය සමඟ තිලිණ කරයි ද කියලා.


FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404

No comments:

Post a Comment