Sunday, October 4, 2015

දරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ උපකරණයක් හඳුන්වා දේ


දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි උපකරණයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශකරයි.

ජංගම දුරකථනයක් ආකාරයේ වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක‍්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය එම අංක 3ට අමතරව 119 හදිසි ඇමතුම් අංකයටද මේ උපාංගයෙන් ඇමතුම් ලබාගැනීමට හැකියාව තිබේ.
දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව ද මෙම උපකරණය හරහා දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් හා මොබිටෙල් දුරකථන සමාගම්වල සහාය සහිතව මෙම උපාංගය හඳුන්වා දීමට කටයුතුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය.

No comments:

Post a Comment