Tuesday, October 6, 2015

Google සමාගම හඳුන්වාදෙන නවතම Tab එක Pixel C

පසුගිය 27ත් වනදා Google සමාගම තම සමාගමේ නවතම දුරකථන දෙක එළිදක්වන ලද උත්සවයේ දී තවත් එක අපූරු තාක්ෂණික මෙවලමක් එළිදක්වනු ලැබුවා. ඒ තමයි නවතම Android Tab එකක්. මේ ටැබ් එක හඳුන්වන්නේ Pixel C කියලයි. (පික්සල් C). මෙය අඟල් 10.2 ප්‍රමාණයේ ටැබ් එකක්. ඒ වගේම මෙහි භාවිතා වන්නේ USB type C වර්ගයේ පොර්ට් එකක්. මෙහි ආරම්භක මිල ගණන් විදියට සටහන් වන්නේ ඩොලර් 499ක මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 70,000 කට ආසන්න මුදලක්. Google සමාගමේ Chrome OS පාලන පද්ධතිය වෙනුවට මෙහි භාවිතා වන්නේ Android 6.0 Marshmallow පාලන පද්ධතියයි.

මේ Tab එක ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් බොහෝ සමානකම් දක්වන්නේ Microsoft සමාගමේ Surface Pro ටැබ් එකටයි Apple සමාගමේ iPad Pro එකටයි කිව්වොත් නිවැරදියි. ඒ වගේම මේ උපාංගය පන ගැන්වෙන්නේ Nvidia Tegra X1 ප්‍රොසෙසරයකින්. ඒවගේම මෙහි 3GB RAM එකකුත් ඇතුලත් වෙනවා. ඒ හින්දා මේ උපකරණයෙන් බොහෝ කාර්යන් එකවර සිදුකරගැනීමේ හැකියාවක් පවතිනවා කියලා Google සමාගම පවසනවා.

මේ Tab එකට අමතරව ඒ සමඟම එළිදක්වන ලද Keyboard එක (යතුරු පුවරුව) කාගේත් අවදානය දිනාගත්තා. මේ යතුරු පුවරුව Tab එකට චුම්භකයක් ආධාරයෙන් සවිවනවා. මේ දෙක අතර සම්බන්ධය පවතින්නේ Bluetooth තාක්ෂනය ඔස්සේයි. මේ Keyboard අවශ්‍ය නම් ඩොලර් 149ක මුදලකට වෙනම මිලදී ගැනීමට සිදුවෙනවා. මේ keyboard එකේ තවත් විශේෂත්වයක් වන්නේ එහි බැටරිය ප්‍රේරණය මගින් ආරෝපණය කරවීමේ හැකියාවයි. Keyboard එක Tab එක ආවරණය කිරීමට යොදාගැනීමට හැකි අතර එම අවස්ථාවේ යතුරු පුවරුවේ බැටරිය චාර්ජ් වීම සිදුවනවා.




FEED SL TECHNOLOGY,
No.93,
Kalugalla Mawatha,
Kegalla,
(ටෙලිකොම් අසල)
✆ +94767774277
✆ +94750770677
✆ +94352230677
* Gmail- feedsltechnology@gmail.com
* Like us FB - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page - http://feedsltechnology.blogspot.com/?m=1
* Google+ - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter us - https://twitter.com/FeedSLTechnolgy

* Search on Google Map - Feed SL Technology
Get Free ‪#‎First‬ and ‪#‎Fast‬ Mobile news alert for your mobile type follow feedsltechnolgy and Send 40404




No comments:

Post a Comment