Sunday, May 17, 2015

HD VOICE

HD VOICE යනු 

පහුගිය දවස්වල මේක නොසෑහෙන්න අහල ඇති කස්ටිය!
Etisalat ලා hd voice දුන්න කියල ලොකු publicity එකක් දුන්නනෙ..
ඒත් කස්ටිය නොදන්නව උනාට hd voice ලංකාවට මුලින්ම ගෙනාවෙ Dialog ආයතනය. 
ඉතින් මේ hd voice කියන්නෙ මොකද්ද.. ඇයි තාම මේක කවුරුත් use කරන්නෙ නැත්තෙ.. මේක use කරන්න ඕන කරන්නෙ මොන වගේ පෝන් එකක්ද කියල බලමු!
මේ HD VOICE කියන්නෙ අධි සංඛ්‍යාත රේඩියෝ තරංග යොදා ගන්නා දුරකතන ඇමතුම් ක්‍රමයක්..
ඇත්තෙන්ම සාමාන්‍ය දුරකතන ඇමතුමකින් මෙය වෙනස් වන්නෙ සංඛ්‍යාත පරාසය සාමාන්‍ය ඇමතුමක් මෙන් දෙගුනයක් වන නිසා..
සාමාන්‍ය දුරකතන ඇමතුමක් narrowband(නැරෝබෑන්ඩ්) කියන 300Khz සිට 3.4Khz දක්වා පමණක් ශබ්ද ස්ංඛ්‍යාත පරාසයකට විහිදෙනවා.
ඒත් HD VOICE හිදී මේ සංඛ්‍යාතය අති සියුම් 50 Hz සිට 7Khz දක්වා විහිදෙන wideband(වයිඩ් බෑන්ඩ්) ආකාරය ගන්නවා. කවුරුත් දන්නවනේ මිනිස් ශ්‍රවණ සංඛ්‍යාත පරාසය 20-20000hz කියල. ඉතින් hd voice හි wideband පරාසයත් මීට සමාන අගයක් ගැනීම නිසා අනෙක් පස සිටින අසන්නාට ඔබේ අතිශයින් ස්වභාවික සුපිරි හඩක් ඇසෙනවා. මෙහිදී ඇතිවන දෝශයක් වන්නේ mic එක අති සංවේදී වීම නිසා ඔබේ හඩ පමණක් නොව වටපිටාවෙ සිදුවන දෙයෙහි හඩත් ඝෝශාකාරී ලෙස ඇසීමට පටන්ගැනීමයි. නමුත් noise cancellation නම් වූ නවතම තාක්ෂණික ක්‍රමය භාවිතයෙන් HD VOICE හිදී එම අනවශ්‍ය හඩ ඉවත් කර mic එක අසලම ඇති හඩ පමණක් අසන්නාට ලබා දෙනු ලබනවා.
Dialog/Etisalat පාරිභෝගිකයන්ට HD VOICE භාවිතයට අවස්තාව ලබා දී තිබුණත් කිසිවකු භාවිත කරන බවක් පේන්නේ නෑ..
මෙයට ප්‍රධානම හේතුව නොදන්නාකම හා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට අපොහොසත් වීමයි.
1. HD VOICE භාවිතා කිරීමට නම් කියන්නා සහ ඇමතුම අසන්නා යන දෙදෙනාටම HD VOICE පහසුකම ඇති පෝන් එකක් හා..එම පහසුකම ඇති ජාල තිබිය යුතුය. (Hd voice පහසුකම ඇති පෝන් පහත දක්වා ඇත). ශ්‍රී ලංකාවේදී නම් Dialog/Etisalat සිම් පතක් භාවිතා කළ යුතුය.
2. HD VOICE භාවිතයට නම් අසන්නා සහ කියන්නා යන දෙදෙනාම 3G/HSPA+ ජාලගත ප්‍රදේශයක සිටිය යුතුය. (3G ඩේටා on කළ යුතු නොවේ. අදාළ ජාලය සහිත ප්‍රදේශයක සිටීම සෑහේ).
3.අසන්නා සහ කියන්නා යන දෙදෙනාගේම පෝන් වල HD VOICE automatic හෝ enable කර තිබිය යුතුය. (ස්මාර්ට්පෝන් වල නම් Dialpad/call settings/HD VOICE/Automatic or Enable)
* call settings තුල එනම් option එකක් නැත්නම් ඔබේ පෝන් එක hd voice සදහා නොසෑහේ.
HD VOICE සදහා ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු mic හා earpiece/radio transmiters පෝන් එක තුළ අන්තර්ගත විය යුතුය.
ඉතින් ඒවා තිබෙන්නේ අතිනවීනම ස්මාර්පෝන් තුළ හා පැරණි symbian S60 ගණයේ දුරකතන තුළ පමණි.
HD VOICE සහිත පෝම් කිහහිපයක් :
Samsung :
Galaxy S4 සියලු වර්ශන්ස් සහ ඉන් පසු පැමිණි සියලු samsung galaxy පෝන්. (High end පමණයි)
***shv e300 සහ SHV E330 සදහා HD VOICE on කරගැනීමට පහත වීඩියෝ එක බලන්න.
http://m.youtube.com/watch?v=BkMitJEijos
LG :
LG G Pro සහ ඉන් පසු පැමිණි සියලු LG optimus පෝන්. (High end පමණයි)
Sky Vega :
VEGA A870 සහ ඉන් පසු පැමිණි සියලු පෝන්! (High end)
Htc :
One සීරීස් එක සහ සියලු නවතම මාදිලි.
SONY :
සියලු XPERIA 2014 high end පෝන්.
Apple :
Iphone 5 සිට ඉහළට.
සියලු ipad.
Nokia :
නවතම ලුමියා මාදිලි සහ
පැරණි symbian S60 os එක ධාවනය වන පෝන්.
(Nokia N series-S60)
(Nokia E series-S60)
**HD VOICE 3G මත පදනම් වන සේවාවක් බැවින් එයද දැන් යල් පැනගිය එකක් බවට පත්ව ඇත.
එබැවින් voLTE (Voice On LTE) නම් වූ 4G LTE මත පදනම් මෙවැනිම සේවාවක් ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේද Dialog ආයතනය මේ දිනවල මෙය අත්හදා බලමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.
සියලු LTE A හා LTE+ පෝන් මෙම voLTE තාක්ශණය සමග හොදින් ක්‍රියාකරයි.
සටහන - තිසර සොනාල්

Feed SL Technology​
NO:93, Kalugalla Mawatha, Kegalle - Sri Lanka
Hotline - 075- 077 0 677 / 076- 777 4 277
Fax - 035 22 30 677

* Gmail                            - feedsltechnology@gmail.com
* Like us FB                      - https://www.facebook.com/feedsltechnology
* Visit Our blog page         - feedsltechnology.blogsport.com 
* Google+                        - https://plus.google.com/+FeedSLTechnologyKegalle
* Follow Twitter  us            - https://twitter.com/FeedSLTechnolgy
* Search on Google Map     - Feed SL Technology

Get Free #First and #Fast Mobile news alert for Ur mobile. type follow feedsltechnolgy and send 40404

No comments:

Post a Comment